Saturday, June 1, 2013

~~~~~හැමදාම නැවුම් සුවඳින් ඔප වෙන අපේ ආදර කතාව~~~~~ - දෙවන දිග හැරුම

2012.11.26 රෑ 12ත් පහු වෙලා ඔයා චැට් කර කර ඉන්න ගමන් ටික වෙලාවක් නිහඬව ඉඳලා එක පාරට මෙහෙම කිවා ඔයා...

"එහෙනම් මං ඔයාට ඇත්තම කියන්නද? "

"කියන්න සමීර"

"මම ඔයාට කැමතියි"

මාව උඩ ගිහින් බිම වැටුණා...මංගල යෝජනාවක් කරන වෙලාවක්ද බොලේ මේක...එක පාරට මට දෙන්න උත්තරයක් හිතා ගන්න බැරි වුණා....
ඇත්තටම මං මොකක් කියන්න ඇද්ද? 
අද එතැන් සිට...
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++ ම්ම්ම්ම්ම්...මං මොකද කියන්නේ...හිතාගන්න බෑ එකපාරට....
මං හිටිතැනම ගල් වෙලා බලන් හිටියා chat window එක දිහා...
විනාඩි 10ක් විතර ගත වෙන්න ඇති එහෙමම.....

"කියනවකො කැමතිද කියලා....මගේ කකුල් දෙක වයලින් ගහනව වගේ ගැහෙනවා ඕයි "

හ්ම්ම්ම්ම්...දිගු නිහැඬියාවකින් පස්සෙ මං කතා කරන්න වචන ගැළපුවා...

 "පොඩ්ඩක් ඉන්න සමීර, ඔයාගේ හිතේ ඇති වෙලා තියෙන්නේ කැමැත්තක්ද ( crush), ආදරයක්ද කියලා කියන්න මට මුලින්ම හොඳට හිතලා බලලා..."
මම කිව්වා එහෙම....

"කැමතිද නැද්ද කියනවා මුලින්...ඒවා වැඩක් නෑ නෙ.."

ඔයා කීවේ නැතැයි....

"එහෙම කියන්න පුළුවනැයි එක පාරට?
මං හරිම ඉවසීමෙන් කිව්වා....

කොහොමින් කොහොමහරි මගේ උත්තරේ වුණේ "බෑ"කියන එක තමා....ඒකට බලපාපු හේතු තිබුණා....ඇත්තටම මට ඔයා ගැන ආදරයක් තියා ඒ අහලකින් යන හැඟීමක්වත් ඇති වෙලා තිබුණේ නෑ, ඉතින් එහෙම එකේ ගෙදරින් කැමත්ත ගනිද්දිත් ප්‍රශ්ණ එන්න පුළුවන් නිසා ඔය දේවල් සේරමත් සැළකිල්ලට අරන් තමා මම ඒ යෝජනාව හරිම කාරුණිකව ප්‍රතික්ෂේප කලේ....


ඊට පස්සෙ දවස පුරාම ඔයා ඇහුවෙම ඇත්තටම ඔයාට කැමති වෙන්න බැරි හේතුව මොකක්ද කියලාමයි..මම ඒ හැම වතාවකදිම පැහැදිලිව හේතුව කීවා...ඒ වුණත් ඔයාට හිත හදාගන්න හරිම අමාරු වුණා. ඒ හේතුව පිළිගන්න ඔයා සෑහෙන මැළිවුණා....එදා ඔයා යාළුවෝ කට්ටියක් එක්ක කොහෙද ගිහින් හිටියේ. ඒත් වැඩි වෙලා ඔයා එතන නොඉද කවදාවත් නැතුව අපහු හැරිලා එතනින් ආවා...

ඊට පස්සේ ගතවුණු දවස් කීපයෙදි හිතේ තිබුණු කේන්තිය පිට කරගන්න ඔයා ගොඩක් දේවල් කලා...බ්ලොග් පෝස්ට්ස්, කවි, ස්ටේටස් මේ හැම දෙයක්ම ඔයාගේ හිතේ තිබුණ දුක පිට කරගන්න ඔයා පාවිච්චි කලා...'

ඔය කාල සීමාවෙදි තමා මම මගේ facebook account එක deactivate කරලා මගේ බ්ලොග් එකෙනුත් සමු ගන්න 
තීරණය කලේ...ඇත්තටම යම් යම් හිත් රිදීම් නිසා මගේ බ්ලොග් එක මං වහන තීරනය කලත් ඔයා හිතුවේ මන් එහෙම කලෙත් ඔයා නිසා කියලා....හැම දෙයක්ම මං හදිසියෙම මෙහෙම දාලා යන්න හිතපු එක ඔයාට දරාගන්න තවත් අමාරු වුණා...මේ දේවල් මේ විදියට සිද්ද වෙද්දි ඔයා ඒ දේවල් ගැන කොයි තරම් දුක් වුණාද පසු තැවුණද කියලා මං දැනන් හිටියේ නෑ.

ඔහොම දින ගණන්, සති ගණන් වලට පෙරළිලා ඔහේ ගෙවිලා ගියා....ගෙවුණු හැම දිනයක්ම මට නම් සාමාන්‍ය විදියට  ගත වුණත් දැන් හිතෙනවා ඒ ගතවුණු හැම දිනයක්ම ඔයාගේ හිතට මොන තරම් බරක් එකතු කරන්න ඇතිද කියලා....

දිනය 2012.12.11...
මං හිටියෙ university එකේ....10-12 ලෙක්චර් එකට ඉඳලා ඊට පස්සේ දවල් කෑම කන්න ආවා කැන්ටින් එකට...

මොබයිල් එක රිං වෙන්න ගත්තා..හ්ම්ම්ම්ම්...අඳුනන්නේ නැති නම්බර් එකක්..
කමක් නෑ කියලා කෝකටත් ආන්සර් කලා..

"හෙලෝ"

"හෙලෝ, නිලීකාද කතා කරන්නේ? "

"ඔව්"

"මං නිරෝෂි"

"කවුද? " මං ආයෙත් ඇහුවා

"මං නිරෝෂි"

එහා පැත්තෙන් ආයිමත් එහෙම කිව්වා. විදුලි සැර වැදුණා වගේ එක පාරටම යමක් මතක් වෙලා මං ෆෝන් එක එක එක පාරට කට් කලා....

නිරෝෂි, සමීරගේ යාළුවෙක්..ඔෆිස් එකේ එකට වැඩ කරන්නේ..දැන්නෙ මතක් වුණේ..

ඇයි නිරෝෂි හදිස්සියේම මට කතා කරන්නේ?

මං කල්පනා කර කර ඉද්දි ආපහු ඒ නම්බර් එකෙන්ම ආයිමත් කෝල් එකක්..ඕන එකක් කියලා ගත්තා ආයිම..."

"හෙලෝ"

නිලීකා ඔයා තරහින් නෙවේ නේද ඉන්නේ?

"නෑ නෑ කියන්න නිරෝෂි.."

කතා කරන්න පුළුවන්ද මට පොඩ්ඩක්...

"කියන්න "

මං හිතුවත් වගේ නිරෝෂි කීවෙ ඔයා ගැන....මට මතකයි එයා කීවා ඔයා ඉන්නේ හරිම අප්සට් එකෙන් කියලා මං බ්ලොග් එකෙන් ගියාට...හ්ම්ම්ම්ම්...එයා කථා කළේ එයාගේ යාළුවා වෙනුවෙන්...ඒත් මං එයාටත් තත්වය තේරුම් කරල දුන්න...ඒ වගේම නිරෝෂි පොරොන්දු වුණා ඔයාගේ හිත හදන්නම් කියලා...මොනා වුණත් නිරෝෂි එවෙලෙ හොඳ යාළුවෙක් ගෙ යුතුකම ඉෂ්ට කලා...

මං එහෙම කිව්වෙ ගව් ගාණක් දුරකට විසි වෙච්ච අපි දෙන්නගේ දුරස් වුණු බැඳීම ආයිමත් ඒ කෝල් එකෙන් පස්සෙ ටිකක් විතර සමීප වුණ නිසා......දුරකට ගිහින් නිහඬ වෙලා තිබුණු අපේ යාළුකම, සුහද බව ආයිමත් අපේ හිත් හොයාගෙන ආවා....

ඒත් මං නිසා ඇති වුණු ඇති වුණු හිත් රිදීම්, දුක සමහර වෙලාවලදි සියුම් විදියට ඔයා මට වැදෙන විදියට පිට කලා වගේම ඒවා මට වැදිච්චි වෙලාවලුත් නැත්තේ නෑ.ඒත් මම ඔයා හිත රිද්දපු අවස්ථා වෙන් වෙන්ව මතක තියාගන්න උත්සහ කළේ නෑ. ඔයා කියනවා ඔයා නිසා මගේ හිත ගොඩාක් රිදුණලු, මං ඒවා ඉවසීමෙන් විඳ දරා ගත්තලු.

කල් යද්දි මට තේරුම් ගියා ඔයා හොඳ යාළුවෙක් කියන එක.ඔයා මගෙන් දෙන්න බැරි දෙයක් ඉල්ලලා ඒක නොලැබුණාම ඔයාට ඇති වුණු වේදනාවටයි ඔයා සමහර වෙලාවලදි හිත රිදෙන දේවල් කියන්නේ කියල මං තේරුම් අරන් තිබුණේ කලින්ම. ඒ තේරුම් ගැනීම මගේ ඉවසීමට හේතුවක් වෙන්න ඇති....

ඉතිං අපි හරිම සාමාන්‍ය විදියට යාළුවෝ වගේ ආශ්‍රය කලා,කතා බහ කලා.ඔයා හිත හදා ගත්තා වගේ හැඟීමක් මට දැණුනා.
ඔය අතරේ තමා මගේ හිතේ වෙන කෙනෙක් වෙනුවෙන් බලාපොරොත්තු මෝදු වෙන්න ගත්තෙ....දවසෙන් දවස මං ඒ බලාපොරොත්තු, හීන වල ජීවත් වෙන්න පටන් ගත්තා....මං දවසක් ඔයාට කීවා මට  proposal එකක් ආවා කියලා.

ඔහොම ඉතින් දවස් කීපයක් ගතවුණා...

2013.01.09.
බලංගොඩ ගමනෙන් පස්සේ ආයිමත් අපි මුණ ගැහුණා.නිරෝෂි එක්ක කතා කරන්න හිතාගෙන මං එදා ඔයාලගේ ඔෆිස් එකට ආවා.ඒ හවස් වරුව හරිම සතුටින්, සැහැල්ලුවෙන් අපි හැමෝම වින්දා.
ආපහු ගෙදර එද්දි මමයි නිරෝෂියි ආවේ එකට.
අපේ ගෙදරට යන්න තියෙන පාරට හැරෙන තැන නතර වෙලා පැය භාගයකට ආසන්න කාලයක් අපි කතා කලා.

මං කීවෙ මෙච්චරයි.

"නිරෝෂි, ඔයා සමීරගේ හොඳ යාළුවෙක් කියන එක මං හොඳටම තේරුම් ගත්තේ ඔයා එදා මට කෝල් කරපු දවසේ.එයාගේ හිත හදා ගන්න එයාට උදව් කරන්න.කොහොමත් මට එයා ගැන යාළුකමින් එහාට දෙයක් ගැන හිතෙන්නේ නෑ, ඔයාම හිතන්නකෝ එහෙම දෙයක්වත් හිතේ නැතුව ගෙදරින් එයාට අකමැති වුණොත් ඒක වෙනුවෙන් fight කරන්නවත් මට බැරි වුණොත් මට එයාව අතරමඟක දාලා එන්න වෙවි නේද? ඒක කොයි තරම් පව් සිද්දවෙන වැඩක් වේවිද එතකොට?
අනික මම යාන්ත්‍රිකයි කියලා එයාම කියනවා, එහෙම එකේ හැඟීම් දැනීම් නැති කෙනෙක්ට එයා තනියෙන් ආදරය කරන එකේ තේරුමක් තියේවිද? ඒ ටික එයාට තේරුම් කරලා දෙන්න, ඔයාට ගොඩාක් පිං.."

මේ ටික මං නිරෝෂිට කියද්දි වක්‍රකාරයෙන් මං එයාට අඟවපු දෙයක් තිබුණා, ඒ මට ඒ වෙද්දි දැනිලා තිබුණ දෙයක් නිසා.මං එයාට ව්‍යංගයෙන් කිවේ කවදාහරි සමීර සම්බන්ධව එයා තීරණයක් ගන්න හිතන් ඉන්නවනම් ගොඩාක් හිතලා බලලා ඒ තීරණේ ගන්න කියලා, කොටින්ම කීවොත් fight කරන්න පුළුවන්නම් විතරක් ගන්න තීරණයක් ගන්න කියලා තමා මං වටෙන් වුණත් කීවේ...

එදා එහෙම කියලා මං නිරෝෂි ගෙන් සමු ගත්තා.ඊට පස්සේ මම අනුමාන කරපු විදියටම නිරෝෂි -සමීර ගොඩක් ළං වුණා...මම හිතපු විදියටම ඒ දේ සිද්ද වුණා වගේම සමීරට ඇත්තටම ආදරේ ලැබීගෙන එනවා කියන හැඟීමත් එක්ක මං ගොඩක් සන්තෝස වුණා.

එක දවසක් හවසක ඔයා මට Chat එකෙදි කීවා.ඔයාලා දෙන්නා යාළු වුණා කියලා.ඒ කීවෙ ආදරේ කරන්න පටන් ගත්තා කියලා.ඇත්තටම එදා මං ගොඩාක් සතුටු වුණා, මට හිතුණා ඔයාට හරියටම ආදරේ විඳින්න ලැබුණා කියලා, හදවතින්ම මං සුබ පතන ගමන්ම කිව්වා මගෙන් වෙන්න තියෙන ඕන උදව්වක් කරන්නම් කියලා ඔයාලා දෙන්නටම.මට පුළුවන් හැටියට.

2013.02.04
සමීර එයාගේ දින පොතේ මෙහෙම අකුරු කරලා තිබුණා

"අද මගේ ජීවිතයෙ ලස්සනම දවසක්....
මගේ ජිවිතය ලස්සන කරනවට ඔයාට ගොඩාක් පින්...
අද හැමදේම බලාගත් නිලීකාටත්,
තරිඳු ( ආපහු ආවටත්)
නෙරංජිටත්, ඉලංකාටත්
ගොඩක් ස්තූතියි!

නිදහස්"ලු" "

ඔව්. ඇත්තටම එදා ලස්සනම ලස්සන දවසක්.මමත් මගේ යාළුවා ඇත්තම කීවොත්- යාලුවෝ දෙන්න වෙනුවෙන් අවංකවම සතුටු වුණ දවසක්.එයාලගේ අහිංසක මුහුණු වල තිබුණු හිනාව, ඒ සතුට හැමදාම නොවෙනස්ව රැඳිලා තියෙන්න කියලා මං ප්‍රාර්ථනා කලා එදා.

ඒත් මගේ හිතේ පුංචි චකිතයක් තිබුණා, මගෙයි සමීරගෙයි යාළුකම නිරෝෂිට ප්‍රශ්නයක් වේවිද කියන එක.මං ඒක සමීරත් එක්ක කතා කල වෙලේදි එයා ඒකට ප්‍රතිචාර දැක්වුවේ "ආදරේ නිසා යාළුකම් නැති කරගන්න බෑ, මම මැරිලා ඉපදුණේ නෑ"කියලා.

ඉතිං ඔන්න ඔය විදියට සමීරගේ ජීවිතේ ආදරෙන් පිරිලා ගතවෙලා යද්දි මගේ ජීවිතේ මගේ හිතේ පැල් බැඳ ගත්ත කෙනා ගැන මැවුණු හීන, බලාපොරොත්තු වලින් ගත වෙලා ගියා.

ඒත් එක දවසක් හදිසියෙම...?














4 comments:

  1. නිරෝශි කියනවා "හැමදේම වෙන්නෙ හොඳට"ලු. දැන් හිතෙනවා ඒක එහෙම තමයි කියල. අන්තිමට අපි දෙන්නා එක් උනා.දැන් ඔයා හිතයි "ඒත් එක දවසක් හදිසියෙම...?" කියල නවත්තපු පෝස්ට් එකෙ වෙච්ච දේ මේකා ගොනාසේ කියල දැම්මනෙ කියල. එහෙම හිතුනනම් කියන්න......

    කොහොමහරි මම ඔයාට රිද්දන්න හදපු රිදවීම සුලුපටු නෑ.ඔයාට ඒක ඇඩෙන්නම වැදුනා කියන එකත් මම දැන් දන්නව. ඒත් මට සතුටුයි ඔයාට ඒ වෙලාවෙ උදව් කරන්න අය ලග හිටිය එක ගැන. එච්චර දේවල් කරලත් මං වගේ නිකම්ම නිකන් යාලුකමක් වෙනුවෙන් ඔයා එතරම්ම ඉවසන් හිටියෙත් කොහෙන්හරි ඔතාගෙන ආපු, බැඳීමක් ඇතිවෙන්න තියන නිසා වෙන්නැති කියල මට හිතෙනව....

    කොහොමෙන්හරි ඔයාව මට දැනෙන්න ගත්තෙ ඔය එකපාරටම වෙච්ච දෙයින් පස්සෙ තමයි....

    ReplyDelete
    Replies
    1. ආවාට නොකියාම ජීවිතෙන්...නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්.....!! :D

      Delete
  2. මේකත් මම ලිව්වෙ ඔයාටද මංදා..........

    ආදරය -------

    ලයිසන් ඉල්ලපු මට
    ටෙම්පරියක්වත් නොදුන්නු අරුමය!

    ReplyDelete
    Replies
    1. ලියපු කවි වලින් මට මතකම හිටපු කවිය වුණේ " Photographer කී කව" කියන එක තමා, ඒක නම් මරුම මරු... :D

      Delete